කානිවල් රයිස්



අවශ්‍ය ද්‍රව්‍ය
  1. බෙරි නොවන සේ පිසගත් කීරි සම්බා - කිලෝ ග්‍රෑම් 1
  2. වියළි මිදි - ග්‍රෑම් 50
  3. කැබැලි සිටින සේ කුඩුකරගත් කජු - ග්‍රෑම් 50
  4. කුඩා කොටු කපාගත් රතුපාට බෙල්පෙපර් - ග්‍රෑම් 20
  5. කුඩා කොටු කපා ගත් කොළපාට බෙල්පෙපර් - ග්‍රෑම් 20
  6. සිහින්ව කපාගත් ලූනු - ග්‍රෑම් 20
  7. අඹරාගත් ඉඟුරු, සුදුලූනු - ග්‍රෑම් 10
  8. කැමති මස් වර්ගයක් හෝ  මාළු - ග්‍රෑම් 200
  9. බිත්තර - 3යි
  10. තෙල් - මේස හැඳි 4 ලුණු රසට අනුව
  11. ගම්මිරිස් ස්වල්පයක් 
සාදන ආකාරය

මස් හෝ මාළු සෝදා කුඩා කොටු කපා ලුණු ගම්මිරිස් අතගා ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැඳ ගන්න. දැන් ලොකු තාච්චියක් ළිප තබා රත්වනවිට තෙල් එකතු කරන්න. දැන් අඹරාගත් ඉඟුරු, සුදුලූනු, ලුනු, දමන්න. දැන් බිත්තර තට්ටු කර දමා කූරු ගාමින් පිසගන්න. දැන් බෙල්පෙපර් කැබැලි, වියළි මිදි, ලුනු. ගම්මිරිස් සහ බැදගත් මස් හෝ මාළු එකතු කරන්න. දැන් බත දමා කලවම් කර ගන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments