කහ බත්
අවශ්‍ය ද්‍රව්‍ය : –
- මුතු සම්බා 1kg
- කරාබු නැටි
- මාජරින් 250g
- වියළි මිදි
- රතුළූණු 100g
- ග්‍රීන් පීස් (තම්බාගත්)
- සුදුළූණු
- කජු මද
- රම්පා
- කරපිංචා
- සේර
- කරදමුංගු
- කහ ස්වල්පයක් සමග ලුණු
සාදන ක්‍රමය :
පළමුව හාල් සෝදා දිය බේරෙන්නට තබන්න. සාස්පානක් ලිප තබාඑයට මාජරින් දමා රත්වු පසු රම්ප, කරපින්චා, සේර, රතුලූනු, සුදුළූණු, කරාබුනැටි, කරදමුංගු එක්කර රන්වන් පාටවන තෙක් බැදගන්න. ඉන්පසු හාල් ටික දමා හොදින් කලවම් කර (විනාඩියක් පමණ ) බත ඉදිමට අවශ්‍ය පමණ වතුර ගෙන එයට කහ සහ ලුණු අවශ්‍ය පමණට දමා සාමාන්‍ය බත් පිසින ආකාරයට පිස ගන්න. බත නිව්නු පසු වියළි මිදි, ග්‍රින් පීස්, කජුමද දමා තමන්ට කැමති පරිදි කලවම් කර හෝ බතටඋඩින් හෝ සරසා ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment