මික්ස් සී ෆුඩ් රයිස්




අවශ්‍ය දේවල්

  1. පිසගත් කීරි සම්බා - 1 kg
  2. කුඩා කෑලි කපා බැදගත් මාළු - 150 g
  3. බැදගත් ඉස්සන් (සාමාන්‍ය ප්‍රමාණයේ) - 150 g
  4. කුඩා තීරු කපා බැදගත් දැල්ලන් - 150 g
  5. අඹරා ගත් ඉඟුරු, සුදුලූනු - 20 g
  6. හීනියට කපාගත් කැරට් - 50 g
  7. හීනියට කපාගත් ලූනු කොළ - 50 g
  8. පදමට ලුණු, ගම්මිරිස්
  9. තෙල් මේස හැඳි - 3 - 4
  10. සෝයා සෝස් මේස හැඳි - 3
  11. බිත්තර - 4
  12. බැද ගැනීමට තෙල්
සාදන්නේ මෙහෙමයි

පළමුවෙන්ම තරමක තාච්චියක් ගෙන ළිප තබා එයට තෙල් දමා හොඳින් රත්වෙන්නට තබන්න. දැන් ඉඟුරු සහ සුදුලූනු තලාගෙන රත්වූ තෙලට දමා හොඳින් තෙම්පරාදු කරගන්න.

බිත්තර හතර කඩා මෙම තෙම්පරාදුවට දමා හොඳින් කළවම් කරගන්න. මෙයටම සිහින්ව කපාගත් එළවළු වර්ග සහ ඉස්සන්, දැල්ලන් සහ මාළු දමා කළවම් කරගන්න. (මාළු කෑලි, ඉස්සන් සහ දැල්ලන් ගැඹුරු තෙලේ බැදගෙන මෙයට දැමිය යුතුයි.) දැන් මෙයට පිසගත් බත්, සෝයා සෝස් සහ ලුණු, ගම්මිරිස් රස අනුව එක්කර ගින්දර වැඩිකර හොඳින් කළවම් කරගන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments