Posts

Showing posts from November, 2018

බත් සමග කරි සලාද

Image
අවශ්‍ය ද්‍රව්‍ය ඇට ඉවත් කරගත් වියළි මිදි 50g දිග ඇට සහල් (බාස්මතී) 250 g තුනපහ කුඩු මේස හැදි 1 ½ කඡු 100 g තම්බාගත් ග්‍රීන්පීස් 75 g ලෙමන් හෝ දෙහි යුෂ ස්වල්පය ක්මයෝනීස් සෝස් ස්වල්පයක් ලුණු රස පදමට සාදන අන්දම පළමුව වියළි මිදි හොදින් සෝදා මද රස්නය ඇති වතුරේ පෙගෙන්නට තබන්න. දැන් බදුනක් ලිප තබා වතුර එක්කර එය උතුරවන්නට හැර ලුණු ස්වල්පයක් දමා සෝදා පිරිසිදු කරගත් සහලි හා තුනපහ එයට එක් කරන්න. (කූඩ්ල්ස් තම්බන අයුරින් මෙය තම්බා ගන්න) පසුව මෙහි වතුර පෙරා සිසිල් ඡලයෙන් සෝදා නිවෙන්නට හරින්න. කඡු ගැඹුරැ තෙලේ බැද කැබලි වලට කපා ගන්න. දැන් පිරිසිදු බදුනක් ගෙන එයට තම්බාගත් බත්, ග්‍රීන්පීස්, දෙහි යුෂ, කඡු, මයෝනීස් අවශ්‍ය පමණට එක්කර හොදින් කලවම් කරන්න. දැන් මෙය ශීතකරණයේ ටික වේලාවක් තබන්න. පසුව සලාද දීසියකට දමා අලංකාර කර පිළිගන්වන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

මුං පොල් බත්

Image
අවශ්‍ය ද්‍රවය කැකුලු සහල් 250 මුං ඇට 250 ගාගත් පොල් 200 ලුණු තේ හැඳි 01 වතුර අඬු කෝප්ප 01ක් සකස් කරන ආකාරය මුං ඇට සෝදා පිරිසිදු කර පෙඟෙන්නට තබන්න. ඉන්පසු පොඟවාගත් මුං ඇට භාජනයකට දමා තම්බා ගන්න. එය බාගෙට තැම්බෙන විට සෝදා ගරා දිය බේරාගත් සහල් එයට දමා තම්බා ගන්න. එලෙස බත ඉදුනු පසුව මදක් දියර ගතිය තිබියදී එයට ගාගත් ලපටි පොල් සහ ලුණු දමා මිශ්‍ර කර ගන්න. එලෙස මද ගින්නේ ටික වේලාවක් තබා දියර ගතිය හිඳුනු පසුව ලිපෙන් ඉවත් කර ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us