Posts

බත් සමග කරි සලාද

Image
අවශ්‍ය ද්‍රව්‍ය ඇට ඉවත් කරගත් වියළි මිදි 50g දිග ඇට සහල් (බාස්මතී) 250 g තුනපහ කුඩු මේස හැදි 1 ½ කඡු 100 g තම්බාගත් ග්‍රීන්පීස් 75 g ලෙමන් හෝ දෙහි යුෂ ස්වල්පය ක්මයෝනීස් සෝස් ස්වල්පයක් ලුණු රස පදමට සාදන අන්දම පළමුව වියළි මිදි හොදින් සෝදා මද රස්නය ඇති වතුරේ පෙගෙන්නට තබන්න. දැන් බදුනක් ලිප තබා වතුර එක්කර එය උතුරවන්නට හැර ලුණු ස්වල්පයක් දමා සෝදා පිරිසිදු කරගත් සහලි හා තුනපහ එයට එක් කරන්න. (කූඩ්ල්ස් තම්බන අයුරින් මෙය තම්බා ගන්න) පසුව මෙහි වතුර පෙරා සිසිල් ඡලයෙන් සෝදා නිවෙන්නට හරින්න. කඡු ගැඹුරැ තෙලේ බැද කැබලි වලට කපා ගන්න. දැන් පිරිසිදු බදුනක් ගෙන එයට තම්බාගත් බත්, ග්‍රීන්පීස්, දෙහි යුෂ, කඡු, මයෝනීස් අවශ්‍ය පමණට එක්කර හොදින් කලවම් කරන්න. දැන් මෙය ශීතකරණයේ ටික වේලාවක් තබන්න. පසුව සලාද දීසියකට දමා අලංකාර කර පිළිගන්වන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

මුං පොල් බත්

Image
අවශ්‍ය ද්‍රවය කැකුලු සහල් 250 මුං ඇට 250 ගාගත් පොල් 200 ලුණු තේ හැඳි 01 වතුර අඬු කෝප්ප 01ක් සකස් කරන ආකාරය මුං ඇට සෝදා පිරිසිදු කර පෙඟෙන්නට තබන්න. ඉන්පසු පොඟවාගත් මුං ඇට භාජනයකට දමා තම්බා ගන්න. එය බාගෙට තැම්බෙන විට සෝදා ගරා දිය බේරාගත් සහල් එයට දමා තම්බා ගන්න. එලෙස බත ඉදුනු පසුව මදක් දියර ගතිය තිබියදී එයට ගාගත් ලපටි පොල් සහ ලුණු දමා මිශ්‍ර කර ගන්න. එලෙස මද ගින්නේ ටික වේලාවක් තබා දියර ගතිය හිඳුනු පසුව ලිපෙන් ඉවත් කර ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

චිකන් බුරියානි

Image
අවශ්‍ය දුව්‍ය     බස්මති සභල් 500g     මිරිස් සහ තුනපහ තුඞු 1 1/2 Tsp     Chopped ඉගුරු සහ සුදුලුණු 2Tsp     කහකුඞු 1Tsp     Chopped තක්කාලි හා  බීලූණූ 400g     අල කැබලි 200g     සුදුරු ඇට 1Tsp     මීකිරී 150ml     කොත්තමල්ලි හා මිංචිකොල 40g     බටර් 100ml     කරදමුන්ගු හා කරාබුනැටි 4Tsp     බැදගත් කජු හා සුල්තානා 100g     වතුර 700ml     බැදගත් බිත්තර 04     එළවළු තෙල් 100ml     රෝස හා රතු රසකාරක 1Tsp     කුරුදු රමිපෙ කරපිංචා     ලුණුකුඞු 10g     කටු රහිත කුකුල් මස් කැබලි 400g සදන ක්‍රමය බත් පිසින බදුන ලිපමත තබා එයට එළගිතෙල් එලවළුතෙල් ස්වල්පයක් දමා මිරිස් තුනපහ ලණු දමා පදම් කරගත් කුකුල්මස් තෙම්පරාදු කරන්න ඉගුරැ සුදුලූණු තක්කාලි හා බීලුණු දමා තෙම්පරාදු කරන්න සහල් අල හා ඉතිරි කුලුබඞු සියල්ල දමා තෙම්පරාදු කරන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

යන්ග් චව් ෆ්‍රයිඩ් රයිස්

Image
අවශ්‍ය දුව්‍ය     පොතු ඉවත්කරගත් ඉස්සන් 100g     කුකුල් මස් 50g     පිසගත් බාස්මතී බත් 500g     බිත්තර 04     තම්බාගත් ග්‍රීන් පීස් 10g     කුඩාවට කපන ලද  බට්න් හතු 10g     රසකාරක තේ 1/2Tsp     සුදු ගම්මිරිස් කුඩු 2Tsp     ලුණු අවශ්‍ය පමණට     කෝන්පිටි 1Tsp     සෙසමි තෙල් 1/4Rsp     ලූණු කොල 10g     කෝන්තේල් අවශ්‍ය තරම් සදන ක්‍රමය ඉස්සන් සහ කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරු ටිකක් දමා මිශ්‍රකර තබන්න. මීලගට සාස්පානක් ලිප තබා කෝනතෙල් ටිකක් දමා රත්වූ විට පදම්කරගත් දෑ එයට දමා හැදිගාමින් හොදට පිසගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, කළු හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම කූරුගාමින් හැදිගාන්න. එයටම පිසගත් බත්, රසකාරක, සෙසමි තෙල්, කුඩාවට කපාගත්ළූණු කොල එකතු කර හොදට කලවම්කර මදගින්නේ විනාඩි 3ක් පමණ වේලා තබා ලිපෙන් බා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

නාසි ගුරෙන්ග්

Image
අවශ්‍ය දුව්‍ය     පිසගත් බාස්මතී 400g     සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් 250gබිත්තර 4     ලුණු අවශ්ය පමණට     සුදු ගම්මිරිස් ස්වල්පයක්     කොන්පිටි 2Tsp     තලාගත් බී ළූණු 2Tsp     තලාගත් සුදු ළූණූ 1TSP     කෝන් තෙල් 4Tsp     සෝයා සෝස් 2Tsp     චිලි පේස්ට් 3Tsp     තක්කාලි සෝස් 2Ts     සිහින්ව කපාගත් ළූණු 100g     බැදගත් බිත්තර 4     බැදගත් ඉස්සන්     පිසගත් චිකන් සාතේ 04     තක්කාලි ගෙඩියක්     පිපිඥ්ඥා කැබැල්ලක්     පාස්ලි පොකුරක් සාදන ආකාරය ප්‍රථමයෙන් සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් කැබලි වලට ගම්මිරිස්, ලුණු, බිත්තර සුදුමද ටිකක් සහ කෝන්පිටි එකතු කර අතගා පදම් වන්නට හරින්න. දැන් ලොකු තාච්චියක් රත්කර එයට කෝන් තේල දමා රත්වූවිට පදම්කරගත් මස් ඉස්සන් පොඩිකරගත් බී ළූණු හා සුදු ළූණුද දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙය පිසින විට බිත්තර ටිකද කෙමෙන් එකතු කරමින් හැදගාමින් පිසින අතර සෝස් වර්...

උත්සව කාලෙට රසවත් කෑමක්

Image
උත්සව කාලය ළඟ ළඟ එනවා. ඉතින් නිවසට පැමිණෙන ආදරණිය අමුත්තන්ට සංග්‍රහ කරන්නට, කජු, ඉස්සන්, සහ මාළු මිශ්‍ර කර සාදා ගත හැකි රසවත් බතක් තමා අද ඔබට හඳුන්වා දෙන්නේ …….. අවශ්‍ය ද්‍රව්‍ය:     කීරි සම්බා හෝ සූදුරු සම්බා කිලෝ 1     මාළු ග්‍රෑම් 250     ලීක්ස් ග්‍රෑම් 100     ඉස්සන් ග්‍රෑම් 150     බී ළුණු ග්‍රෑම් 250     කජු ග්‍රෑම් 100     රම්පෙ කැබැල්ලක්     අඹරාගත් සුදු ළුණු මේස හැඳි 1     මාගරින් ග්‍රෑම් 150     ලුණු කුඩු තේ හැඳි 1     අඹරාගත් රම්පෙ     අඹරාගත් කරපිංචා     ගම්මිරිස් තේ හැඳි 1 සාදා ගන්නා ආකාරය: මාළු තම්බා කුඩා කැබලි වලට කපා බැද ගන්න. ලීක්ස්, ගෝවා සිහින්ව කපා මඳක් තෙම්පරාදු කරගන්න. බී ළුණු සහ කජු බැදගන්න. ඉන්පසුව සහල් සෝදා වතුර බේරෙන්නට තබන්න. පසුව භාජනයක් ලිපෙන් තබා එයට බටර් එකතු කර රත්වෙන්නට තබන්න. එයට අඹරාගත් සුදු ළුණු, රම්පෙ, ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කරන්න. එයට සහල් එකතු කර විනාඩි 2, 3 බැද වතුර එකතු කර බත පිස ගන්න. බත ඉදුණු ...

කබ්සා රයිස්

Image
අවශ්‍ය දේවල් බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න ) ඔලිව් ඔයිල් 2 tbs බටර් 1 tbs කරාබු නැටි 3-4 බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3 කරදමුංගු ටිකක් පොඩියට කපා ගත් ලුනු කප් 1 පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5 ටොමැටෝ පේස්ට් 2tbs පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1 කොත්තමල්ලි කුඩු 2tbs සුදුරු 1/2tsp රස අනුව ලුණු චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න ) ප්ලම්ස් හා කජු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g සාදාගන්නා ආකාරය මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා ) පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න. පසු එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න. පසු මේ මිශ්‍රනයට ...