Posts

Showing posts from September, 2018

ඉස්සන් බතක්

Image
අවශ්‍ය ද්‍රව්‍ය බාස්මතී කිලෝග්‍රෑම් 1 කුඩා ප්‍රමාණයේ ඉස්සන් ග්‍රෑම් 500 ලොකුලූනු ගෙඩියක්   තක්කාලි ගෙඩි දෙකක්   තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රෑම් 100 අඹරාගත් ඉගඳරු සුදුලූනු ග්‍රෑම් 10 තෙල් මේස හැඳි 5 අඟලක පමණ කුරුඳු කැබැල්ලක් කරපිංචා කිනිත්තක් ලුණු ටිකක්   සාදන ආකාරය  ඉස්සන් ‍පොතු හැර සෝදා ගන්න. සහල් ටික සෝදා ටික වේලාවක් පෙඟෙන්නට තබා දිය බේරා ගන්න. ලොකු ලූනු, තක්කාලි කුඩාවට කොටු කපාගන්න. තෙල් ටික ළිප තබා රත්වන විට කරපිංචා දමන්න. අඹරාගත් ඉඟුරු, සුදුලූනු තලාගත් කුරුඳු කැබැල්ල දමන්න. දැන් ඉස්සන් දමන්න. ලුණු එකතු කරන්න. තක්කාලි කැබැලි ලූනු එකතු කර තෙම්පරාදු වන්නට හරින්න. සහල් ටිකද එකතු කර හොඳින් කූරු ගාමින් තරමක් බැදෙන්නට හරින්න. ඉන්පසු වතුර ප්‍රමාණවත් තරමට එකතු කර බත පිසගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කානිවල් රයිස්

Image
අවශ්‍ය ද්‍රව්‍ය බෙරි නොවන සේ පිසගත් කීරි සම්බා - කිලෝ ග්‍රෑම් 1 වියළි මිදි - ග්‍රෑම් 50 කැබැලි සිටින සේ කුඩුකරගත් කජු - ග්‍රෑම් 50 කුඩා කොටු කපාගත් රතුපාට බෙල්පෙපර් - ග්‍රෑම් 20 කුඩා කොටු කපා ගත් කොළපාට බෙල්පෙපර් - ග්‍රෑම් 20 සිහින්ව කපාගත් ලූනු - ග්‍රෑම් 20 අඹරාගත් ඉඟුරු, සුදුලූනු - ග්‍රෑම් 10 කැමති මස් වර්ගයක් හෝ  මාළු - ග්‍රෑම් 200 බිත්තර - 3යි තෙල් - මේස හැඳි 4 ලුණු රසට අනුව ගම්මිරිස් ස්වල්පයක්   සාදන ආකාරය මස් හෝ මාළු සෝදා කුඩා කොටු කපා ලුණු ගම්මිරිස් අතගා ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැඳ ගන්න. දැන් ලොකු තාච්චියක් ළිප තබා රත්වනවිට තෙල් එකතු කරන්න. දැන් අඹරාගත් ඉඟුරු, සුදුලූනු, ලුනු, දමන්න. දැන් බිත්තර තට්ටු කර දමා කූරු ගාමින් පිසගන්න. දැන් බෙල්පෙපර් කැබැලි, වියළි මිදි, ලුනු. ගම්මිරිස් සහ බැදගත් මස් හෝ මාළු එකතු කරන්න. දැන් බත දමා කලවම් කර ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉතුරුවුණු බත්වලින් Fried Rice

Image
උදේ උයපු බත ඉතිරිවෙලාද? ආයෙ කන්න බැහැ කියල විසික් කරන්න එපා. ඒ වෙනුවට හදල බලන්න මේ රසම රස, හදන්න හරිම ලේසි fried rice එක. අවශ්‍ය ද්‍රව්‍ය:     බත් කෝප්ප 3     තල තෙල්/ බටර් තේ හැඳි 3     කපාගත් කැරට් සහ ග්‍රීන් පීස් කෝප්ප 1     හීනියට කැපූ බී ළූණු ගෙඩි 1     තලා ගත් සුදු ළූණු ගෙඩි 2     ගසා ගත් බිත්තර 2     කෑලි මිරිස් තේ හැඳි 1/2     රස අනුව ගම්මිරිස් සහ ලුණු කුඩු     තිබෙනවා නම් සෝයා සෝස් කෝප්ප ¼ සාදන අයුරු: තරමක් ලොකු පෑන් එකක් ලිප තබා මධ්‍යම ප්‍රමාණයට රත්වන්නට තබා එයට තෙල් එකතු කරගන්න. මීළඟට සුදු ළූණු තෙලට දමා අනතුරුව බී ළූණු එකතුකරගන්. කැරට් සහ ග්‍රීන් පීස්ද එකතුකර තැම්බෙන්නට තබන්න. එළවළු හොඳින් පිසුණු පසු ගින්දර තරමක් අඩු කර බිත්තර එකතුකර ස්ක්‍රැම්බල් කරගන්න. කෑලි මිරිස්, සෝයා සෝස්, ගම්මිරිස් සහ ලුණු කුඩු එකතුකරගන්න. අවසානයට බත් එකතුකොට හොඳින් කවලම්කරගන්න. මෙහි දක්වා ඇති එළවළුම යොදා ගන්නට අවශ්‍ය නැහැ. ඔබට කැමති එළවළුවක් එකතු කරගත හැකියි. ව්‍යාංජනයක ඉතිරිවුණු හතු, මාළු, මස් ආදි...

ඇපල් බත්

Image
අවශ්‍ය ද්‍රව්‍ය :-     ඇපල් ගෙඩි 5 ක්     ඒ වගේම උයපු බත් කෝප්පයක්.     වියලි මිදී ග්‍රෑම් 50 ක්     කජු හෝ රටකජු ග්‍රෑම් 50 ක්     එළඟිතෙල් ටිකක්.     කුරුඳු කුඩු ග්‍රෑම් 50 ක්     සීනි ග්‍රෑම් 100 ක් සාදන ක්‍රමය :- ඉස්සෙල්ලම ඇපල් ගෙඩිය දෙකට කපාගන්න ඕන. ඒ හැබැයි වෙනදට අපල කපන විදිහට නෙමෙයි. හරස් අතට. එහෙම කපද්දී ඇපල් ගෙඩියේ උඩ කොටස ටිකක් පොඩියටත් යට ටික ටිකක් වැඩියෙන් ඉඩ ඉතුරු වෙන්නත් කපන්නයි ඕන. ඉන් පස්සේ ඇපල් ගෙඩියේ ලෙල්ලට හානි නොවෙන්න මදය ඉවත්කර ගන්න. දැන් ඇපල් ගෙඩියේ කොටස් දෙක පොඩි කෝප්පයක් සහ එහි පියන වගේ පෙනෙන්න තියෙයි. බත්, රටකජු හෝ කජු, වියලි මිදී එළඟි තෙල් එක්ක මිශ්‍ර කරගන මේ ඇපල් ගෙඩියේ යට කොටසට පුරවා ගන්න. දැන් මේ ඇපල් භාජනය ඇපල් පියනෙන් වහලා සෙන්ටිග්‍රේඩ් අංශක 75 ක උෂ්ණත්වයකට විනාඩි 7 ක් විතර බේක් කරගන්න. අර කලින් ඉවත් කළ ඇපල් මද පොඩි කර ගන්න.. පුංචි භාජනයකට වතුර ටිකකුත් එක්ක මේ  ඇපල් මද මිශ්‍ර කරලා ලිපේ තියල මද ගින්නේ ස්ටු කරන්නයි ඕන. ඒකට කුරුඳු කුඩු සහ සීනිත් එකතු කරගන්න අමතක කරන්න එප...

සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්

Image
අවශ්‍ය ද්‍රව්‍ය,     බාස්මතී හාල් කෝප්ප 02     වතුර කෝප්ප 03     කජු ග්‍රෑම් 100     මුද්දරප්පලම් ග්‍රෑම් 50     ග්‍රීන් පීස් ග්‍රෑම් 50     ඉස්සන් ග්‍රෑම් 250     කොටු කපා ගත ළූණු ගෙඩි 02     කරාබු නැටි 02     කුරුඳු අඟලේ කැබලි 01     සේර අඟලේ කැබලි 01     කහකුඩු තේ හැඳි ½     ලුණු     මාගරින් ග්‍රෑම් 100 සාදන ක්‍රමය, භාජනයකට මාගරින් ග්‍රෑම් 50ක් දමා අඩු ගින්දරේ රත්කර එයට හාල්, ලුණු කුඩු,කහ කුඩු, කුරුඳු පොතු, කරාබු නැටි හා වතුර දමා බත හොඳින් පිස ගන්න. වෙනත් භාජනයක් ලිප තබා එයට ඉතිරි මාගරින් ග්‍රෑම් 50 දමා ළූණු, සේර දමා බැදෙන විට ඉස්සන් දමා තරමක් බැද ගන්න එයට කජු, ග්‍රීන් පීස්, මුද්දරප්පලම් දමා බැද පිසගත් බතට එකතු කරගන්න  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉතාලි බත්

Image
අවශ්‍ය වන්නෙ-: හාල් - 450g තෙල් අඬු කොප්ප - 1/2 වතුර කොප්ප -18 ගාගත් චීස් -180g ගම්මිරිස් තේ හැඳි -1/4 ලුණු තේ හැඳි -1 1/2 තක්කාලි යුෂ කොප්ප -2 අඹරාගත් මස් 450g ලූණු කැබලි -120g ලියාගත් සුදුලූනු බික් -2 බිත්තර -2 සාදන ක්‍රමය -: පළමුව බඳුනක් ලිප මත තබා රත්වන විට හාල් දමා රත්වන විට බදින්න.පසුව එයට මස් ,ලූණු,සුදු ලූණු,ගම් මිරිස්,දමා විනාඩි 1 0ක් පමණ පිසින්න. මෙය පිසින විට නිතර හැඳි ගාන්න.තක්කාලි යුෂ සහ වතුර එක්කර විනාඩි 10ක් පමණ මඳගින්නේ පිස එය ඉදුණු පසු පිළිගැන්වීමට පෙර ගාගත් චීස් එක්කර යාන්තමට චීස් කලවම් කර ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉස්සන් බුරියානි

Image
අවශ්‍ය ද්‍රව්‍ය ඉස්සන් - 450g මුදවපු කිරි මේස හැඳි - 3 මිරිස් කුඩු තේ හැඳි - 3 කහකුඩු තේ හැඳි - ¼ තුනපහ කුඩු තේ හැඳි - 1 ½ කජු මද - 50g ලොකු ලූනු ගෙඩි - 3 රතු ලූනු ගෙඩි - 6 කරපිංචා කිනිති - 1 රම්පේ කැබලි - 1 – 2 එනසාල් කරල් - 10 කුරුඳු පොතු කැබැල්ලක් තෙල් ‍ස්වල්පයක් ලුණු තේ හැඳි - 1 තක්කාලි ගෙඩි - 3 සුදු ලූනු බික් - 3 සාදන ආකාරය තරමක භාජනයක් ගෙන එයට මුදවාපු කිරි ටික දමා ඊට මිරිස් කුඩු, කහ, තුනපහ කුඩු සහ ලුණු දමන්න. සුදුලූනු, ඉඟුරු සහ කජු අඹරා ගෙන මෙම භාජනයට දමා කළවම් කර විනාඩි 10 ක් පමණ තබන්න. පසුව තාච්චියක් ගෙන එයට තෙල් මේස හැඳි 3 ක් දමා රත් කරන්න. තෙල් රත්වූ පසු ලූනු, කරපිංචා, රම්පේ, එනසාල්, කුරුඳු ‍දමා බැද ගන්න. ලූනු දුඹුරු පැහැවන විට ශුද්ධකර සෝදාගත් ඉස්සන් හා කෑලි කපාගත් තත්කාලි එක්කර තරමක් බැදුණු පසු පසෙකින් තබන්න. බුරියානි බත පිළියෙල කිරීමට අවශ්‍ය වන්නෙ හාල් (සම්බා හෝ බාස්මතී) - 450g ලියාගත් රතුලූනු - 120g කරාබු නැටි කිහිපයක් කරඳමුංගු කරල් - 5 වතුර කරපිංචා ස්වල්පයක් රම්පෙ කැබල්ලක් කුරුඳු කැබැල්ලක් තෙල් මේස හැඳි - 4 පාන් පිටි - 500g සාදන ආකාරය...

දුන්තෙල් බත්

Image
අවශ්‍ය ද්‍රව්‍ය සම්බා හාල් - 500 g ලූනු - 30 g කරදමුංගු - 2 කරාබු නැටි - 2 රම්පෙ කැබලි දෙකක් - අඟල් 1/2 කුරුඳු පොතු - අඟල් 1/2 කරපිංචා මේස හැඳි - 1 ගම්මිරිස් ඇට - 5 (කරදමුංගු, කරාබුනැටි, කරපිංචා, රම්පෙ, ගම්මිරිස් ඇට, පිරිසුදු රෙදි කැබැල්ලක පොට්ටනියක් සේ බැදගන්න.) කජු - 15 g සුල්තානා - 10 g අර්තාපල් - 10 g කරපිංචා කොළ - ඉති 2 - 1 වතුර - 750 ml දුන්තෙල් මේස හැඳි - 2 ලුණු රස අනුව පිළියෙල කරන ආකාරය - පළමුව හාල් ගරා සෝදා දිය බේරෙන්නට හරින්න. පසුව තරමක තාච්චියක් ළිප තබා එයට දුන්තෙල් දමා රත්වන විට රම්පෙ සහ ලූනු සිහින්ව ලියා දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න. දැන් සෝදාගත් හාල් ටික දමා කළවම් කරමින් තරමක් බැදෙන්නට හරින්න. ඉන්පසු වතුර, ලුණු සහ මුලින් සාදාගත් පොට්ටනිය ද හාල් බැදුනම දමා වසා තබා බෙරි නොවන ලෙස බත පිසගන්න. ඉන් පසුව තම්බා ගත් බත් වෙනත් බඳුනක දමා කැට පොඩිකර පොට්ටනිය සහ රම්පෙ කැබැලි ඉවත් කරගන්න. දැන් අර්තාපල් අල පොතුහැර ගිනිකූරු හැඩයට කපාගන්න. කරපිංචා කොළ සූරා ගැඹුරු තෙලේ බැදගන්න. මෙලෙසම කජු මද සහ සුල්තානා ද බැදගන්න. ඉන්පසු පිසගත් බත් බන්දේසියකට දමා අල, සුල්තානා, බැදග...

කහ බත්

Image
අවශ්‍ය ද්‍රව්‍ය : – මුතු සම්බා 1kg කරාබු නැටි මාජරින් 250g වියළි මිදි රතුළූණු 100g ග්‍රීන් පීස් (තම්බාගත්) සුදුළූණු කජු මද රම්පා කරපිංචා සේර කරදමුංගු කහ ස්වල්පයක් සමග ලුණු සාදන ක්‍රමය : පළමුව හාල් සෝදා දිය බේරෙන්නට තබන්න. සාස්පානක් ලිප තබාඑයට මාජරින් දමා රත්වු පසු රම්ප, කරපින්චා, සේර, රතුලූනු, සුදුළූණු, කරාබුනැටි, කරදමුංගු එක්කර රන්වන් පාටවන තෙක් බැදගන්න. ඉන්පසු හාල් ටික දමා හොදින් කලවම් කර (විනාඩියක් පමණ ) බත ඉදිමට අවශ්‍ය පමණ වතුර ගෙන එයට කහ සහ ලුණු අවශ්‍ය පමණට දමා සාමාන්‍ය බත් පිසින ආකාරයට පිස ගන්න. බත නිව්නු පසු වියළි මිදි, ග්‍රින් පීස්, කජුමද දමා තමන්ට කැමති පරිදි කලවම් කර හෝ බතටඋඩින් හෝ සරසා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉන්දියන් බිරියානි

Image
සිය ආහාර රටාවේ විවිධත්වය සොයන ඔබට, අප මෙවර තීරණය කළා  අසල්වැසී රට වන ඉන්දියාවේ කෑම වේලක් සකස් කරන හැටි කියා දෙන්න. ඉන්දියන් බිරියානි ලෙස හඳුන්වනු ලබන මෙම කෑම වේල නිදහස්ව විවේකීව ඉන්න වෙලාවක හදල බලන්න කියලා අප ඉල්ලනවා. අවශ්‍ය ද්‍රව්‍ය 1. බාස්මතී සහල් 800g 2. බිරියානි මික්ස් Bottele 500ml 3. කුකුල් මස් 750 g 4. බේ ලීව්ස් 10 g 5. බී ලූනු 500 g 6. බෝංචි 500 g 7. අල 500 g 8. රෝස වතුර 200 ml 9. ලුණු කුඩු 50 g 10. ලී තෙල් 200 ml 11. ප්ලම්ස් 100 g 12. අන්නාසි 500 g 13. පපඩම් 100 g 14. මැන්ගෝ චට්නි 200 g 15. කරාබු නැටි, කුරුඳු, සුදු ලූනු, එන්සහල්, ගනානා මසාලා පවුඩර්, මිරිස් කුඩු, තුනපහ, අමු මිරිස්, රම්ප, කරපිංචා, කරාබු නැටි කොළ (අවශ්‍ය පමණට)  සාදන ක්‍රමය බාස්මතී සහල් හොදින් සෝදා වතුර ඉවත් කර විනාඩි 10 ක් පමණ පෙගෙන්න තබන්න. ඉන්පසු සාස්පානක් ගෙන එය ළිපේ තබා ගී තෙල් දමා ඊට ඉඟුරු, ලූනු, සුදු ලූනු රම්ප, කරපිංචා, කරාබු නැටි, ලුණු, එනසහල්, ගනානා මසාල පවුඩර්, බේ ලීව්ස්, බිරියානි මික්ස් එකතු කර හොදින් කවලම් කරගන්න. ඉන් අනතුරුව බාස්මතී සහල් කෝප්ප ...