Posts

Showing posts from October, 2018

චිකන් බුරියානි

Image
අවශ්‍ය දුව්‍ය     බස්මති සභල් 500g     මිරිස් සහ තුනපහ තුඞු 1 1/2 Tsp     Chopped ඉගුරු සහ සුදුලුණු 2Tsp     කහකුඞු 1Tsp     Chopped තක්කාලි හා  බීලූණූ 400g     අල කැබලි 200g     සුදුරු ඇට 1Tsp     මීකිරී 150ml     කොත්තමල්ලි හා මිංචිකොල 40g     බටර් 100ml     කරදමුන්ගු හා කරාබුනැටි 4Tsp     බැදගත් කජු හා සුල්තානා 100g     වතුර 700ml     බැදගත් බිත්තර 04     එළවළු තෙල් 100ml     රෝස හා රතු රසකාරක 1Tsp     කුරුදු රමිපෙ කරපිංචා     ලුණුකුඞු 10g     කටු රහිත කුකුල් මස් කැබලි 400g සදන ක්‍රමය බත් පිසින බදුන ලිපමත තබා එයට එළගිතෙල් එලවළුතෙල් ස්වල්පයක් දමා මිරිස් තුනපහ ලණු දමා පදම් කරගත් කුකුල්මස් තෙම්පරාදු කරන්න ඉගුරැ සුදුලූණු තක්කාලි හා බීලුණු දමා තෙම්පරාදු කරන්න සහල් අල හා ඉතිරි කුලුබඞු සියල්ල දමා තෙම්පරාදු කරන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

යන්ග් චව් ෆ්‍රයිඩ් රයිස්

Image
අවශ්‍ය දුව්‍ය     පොතු ඉවත්කරගත් ඉස්සන් 100g     කුකුල් මස් 50g     පිසගත් බාස්මතී බත් 500g     බිත්තර 04     තම්බාගත් ග්‍රීන් පීස් 10g     කුඩාවට කපන ලද  බට්න් හතු 10g     රසකාරක තේ 1/2Tsp     සුදු ගම්මිරිස් කුඩු 2Tsp     ලුණු අවශ්‍ය පමණට     කෝන්පිටි 1Tsp     සෙසමි තෙල් 1/4Rsp     ලූණු කොල 10g     කෝන්තේල් අවශ්‍ය තරම් සදන ක්‍රමය ඉස්සන් සහ කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරු ටිකක් දමා මිශ්‍රකර තබන්න. මීලගට සාස්පානක් ලිප තබා කෝනතෙල් ටිකක් දමා රත්වූ විට පදම්කරගත් දෑ එයට දමා හැදිගාමින් හොදට පිසගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, කළු හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම කූරුගාමින් හැදිගාන්න. එයටම පිසගත් බත්, රසකාරක, සෙසමි තෙල්, කුඩාවට කපාගත්ළූණු කොල එකතු කර හොදට කලවම්කර මදගින්නේ විනාඩි 3ක් පමණ වේලා තබා ලිපෙන් බා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

නාසි ගුරෙන්ග්

Image
අවශ්‍ය දුව්‍ය     පිසගත් බාස්මතී 400g     සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් 250gබිත්තර 4     ලුණු අවශ්ය පමණට     සුදු ගම්මිරිස් ස්වල්පයක්     කොන්පිටි 2Tsp     තලාගත් බී ළූණු 2Tsp     තලාගත් සුදු ළූණූ 1TSP     කෝන් තෙල් 4Tsp     සෝයා සෝස් 2Tsp     චිලි පේස්ට් 3Tsp     තක්කාලි සෝස් 2Ts     සිහින්ව කපාගත් ළූණු 100g     බැදගත් බිත්තර 4     බැදගත් ඉස්සන්     පිසගත් චිකන් සාතේ 04     තක්කාලි ගෙඩියක්     පිපිඥ්ඥා කැබැල්ලක්     පාස්ලි පොකුරක් සාදන ආකාරය ප්‍රථමයෙන් සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් කැබලි වලට ගම්මිරිස්, ලුණු, බිත්තර සුදුමද ටිකක් සහ කෝන්පිටි එකතු කර අතගා පදම් වන්නට හරින්න. දැන් ලොකු තාච්චියක් රත්කර එයට කෝන් තේල දමා රත්වූවිට පදම්කරගත් මස් ඉස්සන් පොඩිකරගත් බී ළූණු හා සුදු ළූණුද දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙය පිසින විට බිත්තර ටිකද කෙමෙන් එකතු කරමින් හැදගාමින් පිසින අතර සෝස් වර්...

උත්සව කාලෙට රසවත් කෑමක්

Image
උත්සව කාලය ළඟ ළඟ එනවා. ඉතින් නිවසට පැමිණෙන ආදරණිය අමුත්තන්ට සංග්‍රහ කරන්නට, කජු, ඉස්සන්, සහ මාළු මිශ්‍ර කර සාදා ගත හැකි රසවත් බතක් තමා අද ඔබට හඳුන්වා දෙන්නේ …….. අවශ්‍ය ද්‍රව්‍ය:     කීරි සම්බා හෝ සූදුරු සම්බා කිලෝ 1     මාළු ග්‍රෑම් 250     ලීක්ස් ග්‍රෑම් 100     ඉස්සන් ග්‍රෑම් 150     බී ළුණු ග්‍රෑම් 250     කජු ග්‍රෑම් 100     රම්පෙ කැබැල්ලක්     අඹරාගත් සුදු ළුණු මේස හැඳි 1     මාගරින් ග්‍රෑම් 150     ලුණු කුඩු තේ හැඳි 1     අඹරාගත් රම්පෙ     අඹරාගත් කරපිංචා     ගම්මිරිස් තේ හැඳි 1 සාදා ගන්නා ආකාරය: මාළු තම්බා කුඩා කැබලි වලට කපා බැද ගන්න. ලීක්ස්, ගෝවා සිහින්ව කපා මඳක් තෙම්පරාදු කරගන්න. බී ළුණු සහ කජු බැදගන්න. ඉන්පසුව සහල් සෝදා වතුර බේරෙන්නට තබන්න. පසුව භාජනයක් ලිපෙන් තබා එයට බටර් එකතු කර රත්වෙන්නට තබන්න. එයට අඹරාගත් සුදු ළුණු, රම්පෙ, ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කරන්න. එයට සහල් එකතු කර විනාඩි 2, 3 බැද වතුර එකතු කර බත පිස ගන්න. බත ඉදුණු ...

කබ්සා රයිස්

Image
අවශ්‍ය දේවල් බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න ) ඔලිව් ඔයිල් 2 tbs බටර් 1 tbs කරාබු නැටි 3-4 බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3 කරදමුංගු ටිකක් පොඩියට කපා ගත් ලුනු කප් 1 පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5 ටොමැටෝ පේස්ට් 2tbs පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1 කොත්තමල්ලි කුඩු 2tbs සුදුරු 1/2tsp රස අනුව ලුණු චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න ) ප්ලම්ස් හා කජු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g සාදාගන්නා ආකාරය මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා ) පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න. පසු එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න. පසු මේ මිශ්‍රනයට ...

සුදු ලූණු බත

Image
අවශ්‍ය ද්‍රව්‍ය: හාල් ග්‍රෑම් 500 (බාස්මතී, සම්බා හෝ පුන්නි) දුන්තෙල් මේස හැඳි 3 (කැමතිනම් මේ වෙනුවට එලවලු තෙල් යොදාගත හැක.) ලොකු සුදුලූනු ගෙඩි 1 1/2 (බික් ගලවා, පොතු ඇර) තක්කාලි ගෙඩි බාගයක් (හීනියට කපා)- අවශ්‍යම නැත. නමුත් තක්කාලි වලින් හොඳ රසයක් මෙන්ම ලස්සන පාටක්ද එකතු කරයි. කරපිංචා, රම්පේ, ලූනු ස්වල්පයක් හීනියට කපා උලුහාල්, ගම්මිරිස් ඇට, එනසහල්, කරාඹු නැටි ස්වල්පය බැගින් කුරුඳු පොතු කැබැල්ලලක් පොල්කිරි කෝප්ප කාලක් (අවශ්‍යම නැත) ලුනු ක්‍රමය:  තරමක් ගැඹුරු තාච්චියක් ලිප තමා දුන්තෙල් හෝ එලවලු තෙල් දමා, රත්වන විට හීනියට කපාගත් කරපිංචා, රම්පේ, ලූනු, උලුහාල්, ගම්මිරිස් ඇට, එනසහල්, කරාඹු නැටි සහ කුරුඳු පොතු කැබැල්ල එක කරන්න. හොඳින් සුවඳ එනවිට, සෝදාගත් සහල්ද එක්කර ටිකක් බැදෙන්නට අරින්න. දැන් මේ සියල්ල රයිස් කුකර් එකට දමා, සමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමන්න (කෝප්ප කාලක් පමණ අඩුවෙන්). ලුනුත් එකතුකර ඉදෙන්නට අරින්න. විනාඩි පහකින් පමණ, වතුර තරමක් හිඳුනු පසු (මුලුමනින්ම හිඳෙන්න අරින්න එපා), සුදුලූනු බික් සහ තක්කාලි එකතු කරන්න. සුදු ලූනු බික් ටික හැන්දක ආධාරයෙන් බ...

වෙජිටබල්ස් බුරියානි

Image
අවශ්‍ය දෑ සහල්  500g කැරට් 200g බොන්චි 200g අල 150g ග්‍රින් පීස් 50g බටර් හො තෙල් මෙ.හැ 4/5ක් බී ලුනු (සිහින්ව කපාගත්) 1ක් සුදු ලුනු බිග් 3/4 සිහින් තිරැ හැඩයට කපාගත් අමු මිරිස් කරල් 4/5 තලාගත් ඉගුරැ කැල්ලක් කහ කුඩු තේ.හැදි 1/2ක් පොඩියට කපාගත් තක්කලි ගෙඩියක් මුදවාපු කිරි හො යොගට් කොප්ප 1/4 ක් අවශ්‍ය තරමට රම්පේ කරපින්නා කජු මද /ප්ලාම්ස් පමනට සාදාගන්නා ආකාරය මුලින් බත් බෙරි නොකර උයා ගන්න.බත් එක උයා ගන්න කොට එකට කුරුදුපොතු ටිකක්/කරදමුංගු ටිකක්/කරාබු නැටි හා රස අනුව ලුණු දාන්න. පසු උයා ගත් ටික කොටස් දෙකකට බෙදා ගන්න එක කොටසක් සුදුවටත්,අනිත් කොටසට රෝස් වෝටර් ටිකක් සමග දිය කරගත් කහ පාට පුඩ් කලරින් ටිකක් මිශ්‍ර කර එක අනිත් බත් කොටසට දාලා කලවම් කරන්න වෙජිටබල්ස් බුරියානි සදහා කැමති එලවලු එක් කරන්න පුළුවන්.මම දැම්මෙ කැරට් / බෝන්චි /ග්‍රින් පීස් /අල / මුලින් භාජනයක් ලිප තියලා එකට එලගි තෙල් හෝ බටර් දාන්න.පසු එකට ගරම් මසාල පවුඩර් මේසහැදි 1ක් පමණ දමා හොදින් බැදෙන්නට හරින්න.පස්සෙ එකට හිනියට කපා ගත් ලුනු...රම්පේ ....කරපිංචා .. දමා රන්වන් පාට වනතුරු බැදෙන්නට හරින්න පසු එයට...

චොෆ්සි රයිස්

Image
අවශ්‍ය ද්‍රව්‍ය උයා ගත් බත්, කපා ගත් මස් (කැමති මස් වර්ගයක් පාවිච්චි කල හැක.) ඉස්සො, සොසේජස්, ලොකුවට කපාගත් කැරට්, ගෝවා, ලීක්ස්, බොරොකොලීන්, බොක් චෝඊ, බට්න් මශ්‍රෑම්( හතු) බේබි කෝන්( බෝංචි, මල් ගෝවා, බෙල් පෙප වැනි දෑද යොදාගත හැක) තක්කාලි ( අකමැතිනම් අවශ්‍ය නැත) වටු බිත්තර (අකමැතිනම් අවශ්‍ය නැත) ලොකුවට කපාගත් ලූණු, පොඩියට කපාගත් සුදු ලූණු, ඉගුරැ කැමති ස්ටොක් වර්ගයක් කෝප්ප 1/4~1/2 අතර (කුකුලු මස්, තලාගත් සුදු ලූණු, ඉගුරු, ලූණු සහ ලුනු ස්වල්පයක් කුකුල් මස් කැබලි වැහෙන තරමට වතුර දමා හොදින් තම්බා ගෙන වතුර පෙරා ගැනීමෙන් කුකුල් මස් ස්ටොක් සාදාගත හැක්.) ලුනු, ගම්මිරිස් ඉරිගු පිටි ( corn flour) මේස හැදි 1 සොයා සෝස් මේස හැදි 2~3 ඔඊස්ටර් සෝස් මේස හැදි 1 විනාකිරි මේස හැදි 1 සාදාගන්නා ක්‍රමය  කුකුල් මස් වලට ලුනු සහ ගම්මිරිස් දමා පදම් කරගන්න(විනඩි 10ක් පමන පදම්වන්න තබන්නේනම් වඩාත් රසවත් වේ) ඉන්පසු සුදුසු බාජනයක් ලිපේ තබා තෙල් ස්වල්පයක් දමන්න.තෙල් රත් වනවිට පදම් කරගත් මස් ටික දමා,මස් බැදී දුබුරැ පැහැ ගැන්වෙන විටදී ඉහත ආකාරයටම පදම් කරගත් ඉස්සො ටිකද එකර ඉස්සන් ටික බැදීගෙන එනවිට...

මික්ස් සී ෆුඩ් රයිස්

Image
අවශ්‍ය දේවල් පිසගත් කීරි සම්බා - 1 kg කුඩා කෑලි කපා බැදගත් මාළු - 150 g බැදගත් ඉස්සන් (සාමාන්‍ය ප්‍රමාණයේ) - 150 g කුඩා තීරු කපා බැදගත් දැල්ලන් - 150 g අඹරා ගත් ඉඟුරු, සුදුලූනු - 20 g හීනියට කපාගත් කැරට් - 50 g හීනියට කපාගත් ලූනු කොළ - 50 g පදමට ලුණු, ගම්මිරිස් තෙල් මේස හැඳි - 3 - 4 සෝයා සෝස් මේස හැඳි - 3 බිත්තර - 4 බැද ගැනීමට තෙල් සාදන්නේ මෙහෙමයි පළමුවෙන්ම තරමක තාච්චියක් ගෙන ළිප තබා එයට තෙල් දමා හොඳින් රත්වෙන්නට තබන්න. දැන් ඉඟුරු සහ සුදුලූනු තලාගෙන රත්වූ තෙලට දමා හොඳින් තෙම්පරාදු කරගන්න. බිත්තර හතර කඩා මෙම තෙම්පරාදුවට දමා හොඳින් කළවම් කරගන්න. මෙයටම සිහින්ව කපාගත් එළවළු වර්ග සහ ඉස්සන්, දැල්ලන් සහ මාළු දමා කළවම් කරගන්න. (මාළු කෑලි, ඉස්සන් සහ දැල්ලන් ගැඹුරු තෙලේ බැදගෙන මෙයට දැමිය යුතුයි.) දැන් මෙයට පිසගත් බත්, සෝයා සෝස් සහ ලුණු, ගම්මිරිස් රස අනුව එක්කර ගින්දර වැඩිකර හොඳින් කළවම් කරගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ජෙලෝප් රයිස්

Image
අවශ්‍ය දෑ මේ රයිස් එකට ඕනා තම්බපු හාල් කප් 3 හොඳ රතු පාටට තියෙන තක්කාලි ගෙඩි 3-4 ටොමැටෝ පේස්ට් මේසහැදි 1 1/2 කුනිස්සෝ ටිකක් කපා ගත් ලුනු ටිකක් වැඩිපුර රතු පාට ඕනාම මිරිස් වර්ගයකින් 2-3 (නයි මිරිස් කියන එකේ රතු පාට එක තමා මේ අය පාවිච්චි කරන්නේ ) මැගි හෝ නෝර් කියුබ් 2 රස අනුව ලුණු බිප් හෝ ඕනාම මිට් වර්ගයක් තෙල් සාදාගන්නා ආකාරය  මුලින් මස් සෝදා ප්‍රෙෂර් කුකර් එකට දමා හොදට සෝප්ට් වනතුරු උයා ගන්න. පසු තක්කාලි/කපා ගත් ලුනු එකෙන් ටිකක්/මැගි කියුබ්/රතු පාට මිරිස්/කුනිස්සෝ බෙලෙන්ඩර් එකට දමා වතුර ටිකක් වෙන්න දාලා හොදින් බෙලෙන්ඩර් කරන්න.පසු එකට ටොමැටෝ පේස්ට් ටිකත් කලවම් කරන්න. දැන් භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් වැඩිපුර දාන්න.පසු එකට ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා බැදෙන්නට හරින්න. එකටම කපා ගත්ත ඉතුරු ලුනු ටික දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න.පසු මස් ටික (තම්බා ගත් ) එකට දමා විනාඩි 5-6 බැදෙන්නට හැර එකටම බෙලෙන්ඩර් කර ගන්න තක්කාලි මිශ්‍රනය දාන්න. පසු එකට වතුර ටිකක් ද එක් කරන්න.පසු මේ මිශ්‍රනය හොදටම ග්‍රේවි එකට එනතෙක් උයා ගන්න. ඔයාලාට පෙනෙවි හොදට තික් ගතිය ආවාම ලස්සන පාටට එනවා....

තායි Seafood රයිස්

Image
ටිකක් සැර රසකට කැමති නම් මෙන්න මේ බත ඔබට හොඳටම ගැලපෙනවා. මේ තායි ක්‍රමයට සකසන seafood බතක්. උණක් හෙම්බිරිස්සාවක් හැදිලා කෑම එපා වෙලා ඉන්න වෙලාවක මේ බත් එක අපූරුයි කියල අත්දැකීමෙන්ම කියන්න පුළුවන්.චිලි පේස්ට් ටිකක් එලවළු චොප්සියක් බැදගත් බිත්තරයක් එක්ක මේ බත් එක ඉතා රසවත්. අවශ්‍ය දේවල්     පිරිසිදු කරගත් ඉස්සන්,මාළු,සහ දැල්ලන් එකතුව ග්‍රෑම් 400     තක්කලි ගෙඩි 2ක්     සේර අඟල් 3ක පමණ කැබැල්ලක්     කරබු නැටි, කරදමුංගු 5 බැගින්     සීනි ස්වල්පයක්     විනාකිරි තේ හැන්දක්     මිරිස් කුඩු තේ හැන්දක්     ගම්මිරිස් කුඩු තේ හැන්දක්     දෙහි හෝ ලෙමන් ගෙඩියක්     පොඩියට කපාගත් රතු සහ කහ බෙල් පෙපර් කප් 1\2     කපාගත් ලූනු ගෙඩියක්     සිහින්ව කපාගත් කැරට්     සිහින්ව කපාගත් ලූනු කොල     තලාගත් ඉඟුරු, සුදු ලූනු     සේර පොඩි කැබැල්ලක් එක් කර තම්බාගත් හාල් කප් 4 බත් සාදාගන්න ආකාරය තක්කලි ගෙඩි දෙක තම්බා පොතු හැර අබරාගන්න. එයට විනාකිරි...